අම්පාර රෝහලේ දරුවන්ගේ ජීවිත බේරේ
තවත් පැය කිහිපයක් විදුලිය පමා වූයේ නම් අම්පාර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සියලු දරුවන් මෙලෝව හැර යන්නට ඉඩ තිබිනැයි රෝහල් අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ මහතා පවසයි.
පැය 46කට පමණ පසු අද අළුයම විදුලිය ලැබීම නිසා ඒ තත්ත්වය මග හැරී ගිය බවත්, ඒ වෙනුවෙන් මාධ්‍ය දක්වූ සහයෝගය බෙහෙවින් අගය කරන බවත් ඔහු පවසයි.
විදුලිය විසන්ධිවීමත් සමග රෝහලේ විදුලි ජනනයට දරුවන්ගේ ජීවිත භාරවූ අතර එය කිහිපවරක්ම නතර වූ නමුත් සේවයට කැපවූ විදුලි කාර්මිකයන්ගේ නිරන්තර සෝදිසිය නිසා මහා ව්‍යසනයක් වැළකී ගිය බවද දොස්තර ජයසිංහ පවසයි.
විදුලිය වහා දෙන්නැයි ඉල්ලමින් අම්පාර විදුලි ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ පිරිස සමග රෝහල් අධ්‍යක්ෂ දොස්තර ජයසිංහ ඇතුළු කාර්ය මණ්ඩල පිරිසද එක්වී සිටියහ.

