අම්පාර නගර සභාපති බාරවේ
පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදාපතිට දුරකතන ඇමතුමක් දී ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් කෙනකු වූ දීපාල් මුණසිංහගේ ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස දැනුම්දුන් සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හිටපු බළගණ ලූතිනන්වරයකු වූ වත්මන් අම්පාර නගර සභාපති ඉන්දික නලින් ජයවික‍්‍රම රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය.
ජයවික‍්‍රම අද පොලිසියට භාරවිය.
වින්ග් කමාන්ඩර් දීපාල් මුණසිංහ සහ අම්පාරේ පදිංචි සජිත් සමීර ඇප මත මුදා හරිනු ලැබ සිටිති.

