අම්පාර දිස්ත්‍රික් ශ්‍රීලනිප මන්ත්‍රීවරු තිදෙනා ඉවත් වෙති


(වසන්ත චන්ද්‍රපාල)

නැගෙනහිර පළාත්  සභාවේ අම්පාර  දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රිලනිප මන්ත්‍රීවරු තිදෙනා යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පාමින්  ශ්‍රිලනිපයෙන් ඉවත් වන බව අද (28) අම්පාරේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඩබ්ලිව්. ඩී. වීරසිංහ , චන්ද්‍රා තෙවරප්පෙරුම හා ටී.එම් ජයසේන  යන පළාත් සභා මන්ත්‍රීවරු මෙලෙස ඉවත්වීමට තීරණය කර ඇත.