අම්පාර නගර උයනෙන් පුරාවස්තු


අම්පාර නගරයේ වැවාසන්නයේ නව උද්‍යානයක් ඉදි කරන බිමේ පුරාවස්තු මතු වීමත් සමග එම ප්‍රදේශය තහනම් කළාපයක් කළ බව නැගෙනහිර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් සුමනදාස මහතා කියයි.

කළුගල් පහනක් වැනි පුරාවත්තුවක් ද, ඉපැරණි ගඩොල් ද එහි ඇතැයි සුමනදාස මහතා පවසයි.

ඇතැම් පුරාවස්තු වලට හානි සිදු වී ඇත.