අමල් පෙරේරාට අලූත් සින්දුවක් පොලිසියෙන්
1997 නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් ජනපි‍්‍රය ගායක අමල් පෙරේරා පොලිසිය අණ නොතකා රිය ධාවනය කළැයි ද බලපත‍්‍රයක් නැතිව රිය පැදවීයැයි ද සැකපිට රුපියල් 5000 ක ශරීර ඇප මත මුදා හරින්නැයි කළුතර අතිරේක මහේස්ත‍්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කළේය.
නඩුව ලබන 25 වැනිදාට කල් තැබිණි. පොලිස් රාජකාරියට බාධා කළැයි සැකපිට ඔහු යළි කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා හමුවට ඉදිරිපත් කළ පසු රුපියල් විසිපන්දාහක පෞද්ගලික ඇප නිය විය. නඩුව ඔක්තෝබර් 8 වැනිදාට කල් තැබිණි. පයාගල සහ දකුණු කළුතර පොලිසි පැමිණිල්ල ඉදිරිපත් කළේය.

