අභය ගිරියේ මහාර්ඝ වස්තුවක්


අනුරාධපුර අභයගිරි චෛත්‍යයේ පේසා වළල්ලේ කැනීම් වලින් රන් පැහැ මංජුසාවක් සොයාගත් බව අභයගිරි ව්‍යාපෘතිය කියයි. අඟල් තුනහමාරක් පමණ උසැති වටකුරු ස්වරූපයක් ගන්නා එම මංජුසාවේ රතු මණික් ගලක් ඔබ්බවා තිබිණි.  රන් පැහැ කාසි තුනක් ද එහි විය.  ප්‍රධාන කැනීම් පරීක්ෂක ගොඩමුණේ පඤ්ඤාසීහ හිමියන් පැවැසුයේ සංරක්ෂණ කිරීමකින් තොරව මාධ්‍යයට තොරතුරු දිය නොහැකි බවයි.