අබුඩාබියේ මුසාෆා නගරයේ පෞද්ගලික පිරිසිදු කිරීමේ සමාගමක බලහත්කාරයෙන් සේවයේ යොදා ගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 12 දෙනෙක් එරට කම්කරු උසාවියේ නියෝගයකට අනුව මුදාහරිනු ලැබ කටුනායකින් දිවයිනට පැමිණියහ.
මීගමුව, වෙන්නප්පුව, ගම්පහ, පූගොඩ සහ හංවැල්ලේ පදිංචි එම කාන්තාවන් වසර දෙකක සේවා ගිවිසුමකට යටත්ව එම ආයතනයේ සේවයට ගොස් ඇති අතර සේවා ගිවිසුම අවසානයේ ලංකාවට ඒමට නොදී බලහත්කාරයෙන් රඳවාගෙන සේවයේ යොදවාගෙන ඇත.
තමන්ට මෙරටට ඒමට හැකිවූයේ අබුඩාබි තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරුන් වන එම් ඊ ජී සමරවීර, විශ්ව දිසානායක සහ තෙවන ලේකම් රුවන් ගුණතිලක මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් බව කටුනායකදී එම කාන්තාවෝ පැවසූහ.








