අබුඩාබි අපායෙන් පනින්න තානාපති අත්වැලක්


ගිවිසුම් ගත දෙවසර අවසානයේ අබුඩාබියේ මුසාෆාහි සමාගමක බලෙන් රඳවාගත් ලාංකික කතුන් 101 දෙනාගෙන් 17 දෙනෙක් එරට කම්කරු උසාවියේ නියෝගයකින් ශ්‍රී ලංකාවට එවනු ලැබූහ.

කොළඹ, හංවැල්ල, ගාල්ල, මීගමුව සහ ගම්පහ පදිංචි වයස 22-38 වයසේ පසුවූ ඔවුහු විවිධ අසනීපවලට ද ලක්ව සිටියහ.

හය මාසයක් බලයෙන් තමන් රඳවාගෙන සිටි බව ඔවුහු කීහ.

පිරිසිදු කිරීම් කටයුතුවලට ගිය ඔවුනට පිරිමින් කරන බර වැඩ පැවරුණු බවත්, ශ්‍රී ලංකාවේ ගැහැණුන් 300ක් පමණ එහි සේවය කරන බවත් ඔවුන් කීය.

නව වසරේ මෙලෙස යළි දිවයිනට පැමිණීමට තමනට අවස්ථාව උදාවූයේ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කම්කරු අංශයේ පළමු ලේකම්වරුන් වන එම් ඊ ජී සමරවීර, විශ්ව දිසානායක සහ තෙවන ලේකම් රුවන් ගුණතිලක මහත්වරුන් මැදිහත්වීම නිසා බවත් එසේ නොවන්නට තමන්ට යළි කිසි දිනක මෙරටට පැමිණීමට අවස්ථාවක් නොලැබීයාටම ඉඩ තුබූ බව ද ඔවුහු පැවසූහ.