
( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනකු පළමු වරට ඉන්දුනීසියාවේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි සඳහා ශිෂ්‍යත්ව හිමිකර ගෙන ඇතැයි ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේය
ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනකු වන, ලුතිනන් කර්නල් ජනක රණවීර සහ ලුතිනන් කර්නල් කෝසල විජේකෝන් යන මහත්වරුන් මෙම ඉන්දුනීසියාවේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රික (ජාත්‍යන්තර) ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව හිමි කර ගෙන ඇතැයිද එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකා හමුදා පුහුණු ඉතිහාසයේ, ඉන්දුනීසියානු ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකා හමුදාවට ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලද පළමු අවස්ථාව මෙය වේ.
එම යුධ හමුදා නිලධාරීන් දෙදෙනා ජකර්තා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මහත්මිය හමුවිය. මෙම හමුව සඳහා අමාත්‍ය උපදේශක (ආරක්ෂක) කොමදෝරු නලින්ද්‍ර ජයසිංහ මහතා ද සහභාගී විය.
2021 අගෝස්තු 30 වැනි දින ඉන්දුනීසියානු ජනරජයේ ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් වෘත්තීය, ශාස්ත්‍රපති, ශාස්ත්‍රපති සහ ආචාර්ය අධ්‍යාපන වැඩසටහන්වල විවෘත කිරීමේ උත්සවය සෙන්තුල් බොගෝර් හි ඉන්දුනීසියානු ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උත්සව භූමියේ දී පැවැත්වීය.



