අපේ ඕස්ටේ‍්‍රලියා වාර්තාකරුට තෑග්ගක්


ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඡායාරූප ශිල්පී අශෝක පීරිස්ට මසකට  ඕස්ටේ‍්‍රලියා ඩොලර් දෙදහසක් (රුපියල් 200,000) බැගින් වන පරිද්දෙන් වසර දෙකක් සඳහා නිවසක් ප‍්‍රදානය කර ඇත. ” ඕස්ටේ‍්‍රලියාවේ චාල්ස් බ්ලැක් ඕල් ජනමාධ්‍ය අරමුදලෙන්” ඔහුට මෙම පරිත්‍යාගය කරන ලද අතර මෙය විදේශිකයකු ලද පළමු අවස්ථාවද වන්නේය. ඕස්ටේ‍්‍රලියා ජනමාධ්‍ය සංගමයේ හා මාධ්‍ය සංවිධානයේ සාමාජිකයකු වන අශෝක පීරිස් දැනට වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි භාෂාව හා සාහිත්‍ය පිලිබඳව අධ්‍යාපනය ලබයි. එම විශ්ව විද්‍යාලයේ බාහිර ක‍්‍රීඩා සමාජයේ, ජපානයේ ලෝක සොරින්ජී කෙම්පෝ ආත්මාර්ක්‍ෂක සටන්ක‍්‍රම ක‍්‍රීඩාව පිළිබඳව සහයක උපදේශකවරයකුද වන ඔහු ලංකාදීප.lk වෙබ් අඩවියේ  ඕස්ටේ‍්‍රලියා වාර්තාකරුය. ශ්‍රී ලංකාවේ සිංහල හා ඉංග‍්‍රීසි ප‍්‍රධාන පුවත්පත් කීපයකම මාධ්‍යවේදියකු වූ ඔහු 2002 වසරේ ශ්‍රී ලංකා පුවත් පත් කර්තෘවරුන්ගේ සංසදය මගින් පැවති පුවත්පත් කලා සුවිශිෂ්ට ප‍්‍රවෘත්තී ඡායාරූප ශිල්පී සම්මානයද හිමිකර ගත්තේය. මොහුගේ පළමු ඡායාරූප ගුරුවරයා නැසීගිය රත්නපාල වන්නිආරච්චි මහතාය.