(උපාලි ආනන්ද)
අදාහනය කිරීම සඳහා අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියට බාර දෙන මළ සිරුරු අඩක් පුළුස්සා සංවිධානාත්මකව ඉතා සූක්ෂම අයුරින් රාත‍්‍රී කාලයේ වළ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින එම සුසාන භූමියේ පාලකවරයා සහ සහායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ රත්නායක මහතා යළි තරයේ ප‍්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා තවදුරටත් මේ මස 25 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙසටද නියෝග කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය. මෘත ශරීරයකට අගෞරව කිරීමේ චෝදනාව මත ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 292 වගන්තිය ප‍්‍රකාරව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
මෙසේ යලි රිමාන්ඩි කලේ අනුරාධපුර නිසල නිමිනය පොදු සුසාන භූමියේ පාලකවරයා වන මිහින්තලේ කන්නටිටිය 4 කනුව අංක 52/ 1 ලිපිනයේ ගංගොඩවිලගේ අජිත් බන්දුල පෙරේරා සහ ඔහුගේ සහකයා වන අනුරාධපුර පෙරියමියන්කුලම විජේරාම පාර වන්නිහාමිගේ සුමිත් ශිරන්ත යන දෙදෙනාය

