අපුර රෝහලේ කෝටි 25ක් ඉවරයි


අනුරාධපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකයේ ගින්නෙන් රුපියල් කෝටි 25ක් වටිනා එම්ආර්අයි ස්කෑනර් යන්ත්‍රය පිලිස්සි ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂක ඩබ්ලිව් අතුපත්තු මහතා කියයි.

යන්ත්‍රයට විදුලි බලය සැපයීම සදහා වයරින් කරද්දී මෙම ගින්න හටගෙන ඇත.

ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගත විය.

ගින්න හට ගත් ගොඩනැගිල්ල රජරට විශ්ව විද්‍යාලයට අයිති අතර ස්කෑනර් යන්ත්‍රය රෝහල සතුය.

සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ ඇරැඹිය.