අපුර මහා ඇමැති ලේකම් නීතිය කඩලා


අනුරාධපුර ගල්කුලම දම්මදින්න මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ.එම්. බණ්ඩාර මහතා දේශපාලන බලපෑම් මත නීති විරෝධී ලෙස මාරුකැර ඇතැයි තීන්දු කළ උතුරුමැද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එම මාරුව අවලංගු කර ඔහු යළි වහාම ගල්කුලම ධම්මදින්න විදුහලේ එම තනතුරටම පත්කරන ලෙස වගඋත්තරකාර ප‍්‍රධාන අමාත්‍යංශ ලේකම්ට නියෝග කෙළේය. ඔහු ගුරු මාරු මණ්ඩල ප‍්‍රතිපත්ති උල්ලංඝනය කැර ඇතැයි ද විනිසුරු කීවේය.