අපුර ප්‍රා.මන්ත්‍රී අත්අඩංගුවට


අනුරාධපුර පෙරියන්කුලම අශෝකාරාම විදුහල ඉදිරිපිට පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩ දෙකක් ඉදිකළැයි සැකපිට මධ්‍ය නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී හා හිටපු උප සභාපති සරත් වීරසිංහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගක් අනුව අත්අඩංගුවට ගනු ලැබීය. අනුරාධපුර පුරාවිද්‍යා විශේෂ වැඩබිම් කළමනාකාරිනී ප්‍රියංකා අමරසිංහ මහත්මියගේ පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් ඔහු අනුරාධපුර සන්ධාන පළාත් පාලන මන්ත්‍රීන්ගේ සංවිධානයේ සභාපතිවරයාද වෙයි.