අපුර දොස්තරවරු වැඩ වරති
අනුරාධපුර රෝහලේ දොස්තර චමල් හේරත්ට පහර දුන්නැයි කියන සංධාන මැරයන්ගේ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු 250ක් පමණ මින් මඳ වේලාකට පෙර වැඩ වැරූහ. මේ නිසා හදිසි ප්‍රතිකාර හැර සැත්කම් ඇතුළු අන් සියලු ප්‍රතිකාර නතර විය. සැකකරුවන් වහා අත්අඩංගුවට නොගන්නේ නම් උතුරු මැද සියලු රෝහල් වෛද්‍යවරුන් දිගටම වැඩ වරනු ඇතැයි රෝහල් ආරංචි කියයි.

