අපුර ඒජන්සි කාරියට ඇප
සුඩාන ජාතිකයකුට ශ්‍රී ලාංකාවෙන් ගෘහ සේවිකාවන් 13දෙනකු සපයන බව කියා රුපියල් දස ලක්ෂයක් පමන වංචා කළැයි කියන රැකියා ඒජන්සි කාරියක වන අනුරාධපුරයේ උම්මු හබීබා ඇප මත නිදහස් කරන ලෙස කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් නියෝග කෙළේය.
සෞදි අරාබියේ වැඩ කිරීම සඳහා මෙම සේවිකාවන් සපයන බවට තමාගෙන් මුදල් ගත් බව සුඩාන ජාතික මොහොමඩ් වහිඅල්ලා කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිලි කර තිබිණි.

