අපරාධ වැටලීම් වලින් වනජිවීයට කෝටි තුනක ආදායමක්


සුජිත් හේවාජුලිගේ
 
වනජිවී අපරාධ වැටලීම් මගින් ගිය වසරේ දී රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක ආදායමක් උපයා ගෙන ඇතැයි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


මේ ආදායම උපයා ගෙන ඇත්තේ එය වනජිවි අපරාධකරුවන්ට අධිකරණවලින් නියම කෙරුණූ දඩ මුදල් මගිනි. උපයන ලද මුදල් වනජිවි සංරක්ෂණ අරමුදලට බැර කර ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.


පසුගිය වසරේ දී කරන ලද වනජිවි අපරාධ වැටලීම් සංඛ්‍යාව 1048 කි. වනජිවි අපරාධ වැඩිම ප්‍රමාණයක් අල්ලා ගෙන ඇත්තේ පොළොන්නරු ප්‍රදේශයෙනි.


පොළොන්නරුවෙන් අල්ලා ගැනුණු වනජිවි අපරාධ සංඛ්‍යාව 183 කි. ඊට පසුව ඌව පළාතෙන් 150 ක ක් ද , වයඹින් අපරාධ 146 ක් ද, නැගෙනහිරින් 140 ක් ද, අනුරාධපුරින් 119 ක් ද වනජිවි අපරාධ අල්ලා ගෙන ඇතැයි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.