(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ අපනයන ඉපයුම් පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්‍ෂව 22.4 %කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
මෙම වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා අපනයන ඉපයුම් අමෙරිකානු ඩොලර් මිලියන 7886 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් කොවිඩ් තත්වය යටතේ වුවද අපනයන නිසි කළමනාකරණය තුළින් මෙම වර්ධන ළගාකරගත් බවත් මුදල් අමාත්‍යංශය පවසයි.
මෙම වසරේ පළමු මාස අටේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සාමාන්‍ය ඩොලර් මිලියන 986 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය ඩොලර් මිලියන 840 ක්ව පැවැති බවත් මුදල් අමත්‍යංශය වැඩි දුරටත් පවසයි.

