ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන දෘෂ්‍යාබාධීත තරගාවලියේ අවසන් මහා තරගය නාරාහේන්පිට ‘ශාලිකා’ ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණී.
මේ වසරේ කණ්ඩායම් 15 ක් මෙම තරගාවලියට එක් වු අතර රත්මලාන අන්ධ විද්‍යාලයයේ කණ්ඩායමත් ශ්‍රී ලංකා රාගම රණවිරු සෙවන කණ්ඩායමත් අවසන් මහා තරගාවලියට සුදුසුකම් ලැබීය.
රණවිරු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් උතුරු නැගෙනහිර පැවති යුද්ධය වෙනුවෙන් දායක වී දෘෂ්‍යාබාධීත තත්ත්වයට පත්වුවන් වීමත් ඔවුන් දිගටම වසර 8 ක් තිස්සේ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ශූරයාත් වීමයි.
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි දමයන්ති රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් ක්‍රීඩකයන් දිරිගන්වමින් තරගය නැරැඹ්මට පැමිණ සිටියහ.