අනෝමාගෙන් නව ශ්‍රී ලංකා රිටි පැනීමේ වාර්තාවක්
තිස් අට වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වු අද (30) රිටි පැනීම කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට අනෝමා කරුණාවංශ සමත්වුවාය. නැගෙනහිර පළාත නියෝජනය කරන අනෝමා මීටර 3.30 ක උසක් පැන මෙම දස්කම දැක්වුවාය. කේ. එල්. පෙරේරා (මීටර 3.25) රිටි පැනීම කාන්තා ඉසව්වේ පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබිණ.

