අනුලාවේදි කිරි කොරහ නටයි


වැදි රැහේ  කිරි කොරහා ශාන්ති  කර්මය  නුගේගොඩ අනුලා විද්‍යාලයේදි  අද උදෑසන ආදි වාසි නායක ඌරුවරිගේ වන්නි ලෑ ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි ඔහු සමඟ තවත් හය දෙනෙක් ඊට සහභාගී විය පැය භාගයක පමණ මෙය පැත්වු  මෙවැනි සංස්කෘතිගාංගයක්  අගනුවර පාසලක පැවැත්වු ප්‍රථම අවස්ථාව මෙය බව ආදී වාසී නායකයා කීවේය. විදුහල්පතිනි කල්්‍යාණි ගුණසේකර මහත්මිය සහ  විද්‍යාලයේ ජාතික උරුම සංගමය සහ පරිසර සංගමයේ ඇරයුමෙන් දඹානේ සිට  ඔවුහු ආහ. පුරාවිද්‍යා  කොමසාරිස් සෙනරත් දිසානායක  ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ ලේකම්  නන්දා වික්‍රමසිංහ යන මහත්ම මහතිමින් ද  පැමිණ සිටියහ.