අනුරාධපුරයේ තරුණ පෙම්වතුන් 304ක් පොලිස් බාරයට


(උපාලි ආනන්ද)

අනුරාධපුර මහ නගර සභාව මගින් පාලනය වන ‘රිවර් පාර්ක්‘ උද්‍යානයේ සහ ‘නේචර් පාර්ක්‘ උද්‍යානයේ කළ විශේෂ වැටලීමකදී තරුණ පෙම්වතුන් 304 දෙනකු පොලිස් බාරයට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසිය රැගෙන ආ බව පොලිසිය කියයි.

එම පෙම්වතුන් සියලු දෙනා අනුරාධපුර නගරයේ උපකාරක පන්ති යන බවට දෙමාපියන්ට පවසා පැමිණි අය බව පොලිසිය පවසයි.

ඔවුන් බස් රථ දෙකකින් පොලිසියට ගෙනැවිත් දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටියි.

මෙම උද්‍යාන ජයසිරි මහ බෝධියට පිවිසෙන මාර්ගයට මුහුණලා පිහිටා තිබෙන අතර පූජනීය ස්ථානයකට පිවිසෙන මාර්ගයක් ආසන්නයේ මෙවන් උද්‍යාන නොතිබිය යුතු බවට අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.

මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 45ක් යොදාගෙන ඇත.