දයාරත්න ඇඹෝගම
අනුරාධපුර මහ නගර සභාව මගින් පවත්වාගෙන යන නිසල නිම්නයේ ආදාහානාගාරයට අද (15) දින සිට සිල් තැබු බව අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවසිය.
අදාහානගාරයේ සේවකයන් ගැස් ඉතිරි කර ගැනීම සඳහා මළ සිරුර අසම්පුර්ණ ලෙස අදාහනය කිරිම සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ අවසන් වන තෙක් අදාහනාගරායට මෙසේ සිල් තැබීමට කටයුතු කළ බව නාගාරික කොමසාරිස්වරයා කීවේය.
ආදාහනාගාරයේදි මළ සිරුර සහ මිනි පෙට්ටි භාගයට පුලූස්සා ගැස් ඉතිරි කර ගැනිමේ ව්‍යාපාරයේ නියුතු වුවේ යැයි කියන සේවකයන් තිදෙනෙකුගේ සේවය අත් හිටවා තවත් සේවකයන් තිදෙනෙකු ස්ථාන මාරු කරන ලද බවත් අනුරාධපුර මහා නගර සභාවේ කොමාසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවසීය.




