අනිල් ජාසිංහ ජාතික රෝහලට


කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ අද (22) ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බාර ගත්තේය. ජාසිංහ මහතා වසර 6ක් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වූයේය. ඔහු කළුබෝවිල රෝහලේ සිවු වසරක් අධ්‍යක්ෂ විය. ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය සුජාතා සේනාරත්න අමාත්‍යංශයට මාරු කිරීමට නියමිතය.