අනාගත පාපන්දු ශූරයෝ 12 දෙනෙක් මැන්චෙස්ටර් යුනයිටඞ්හි පුහුණුවට යති


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් එයාර්ටෙල් සමාගම සංවිධානය කළ දිවයින පුරා සිටින නැඟී එන පාපන්දු ක‍්‍රීඩකයන් අතරින් දක්‍ෂතම ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ වැඩසටහනේ විශිෂ්ටතම ක‍්‍රීඩකයන් 12 දෙනාට පසුගියදා කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජයේදී ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. මෙම ක‍්‍රීඩකයන් 12 දෙනාට ලෝකයේ ප‍්‍රමුඛතම පාපන්දු ක‍්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඞ්’හි පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයයි. ඉකුත් ජුලි මාසයේ සිටම දිවයින පුරා මධ්‍යස්ථාන 14 කදී ක‍්‍රියාත්මක වු මෙම වැඩසටහනේදී 8000 කට අධික පාපන්දු ක‍්‍රීඩකයන් සඳහා පුහුණු කඳවුරු සහ තරග පවත්වමින් ක‍්‍රීඩකයන් 48 දෙනෙක් තෝරා ගන්නා ලදි. අවසානයේදී ඔවුන් අතුරින් දක්‍ෂතම ක‍්‍රීඩකයන් 12 දෙනා තෝරා ගත් අතර එය මැන්චෙස්ටර් යුනයිටඞ් පාපන්දු පුහුණු ඇකඩමියේ පුහුණුකරුවන්ගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරිණ. අවසන් ක‍්‍රීඩකයන් 12 දෙනා: එල්. ඒ. ප‍්‍රනාන්දු (කළුතර), සුජාන් පෙරේරා (කොළඹ), ආර්.ඒ.චතුරංග (ගාල්ල), ආර්. සරන්රාජ් (මහනුවර), දුලිප් මධුෂංක (කළුතර), සුජිත් කුමාර (ගාල්ල), එම්. සී. බී. රත්නායක (කුරුණෑගල), එම්. සර්වාන් ජොහාර් (කොළඹ), ජී. ඊ. ප‍්‍රසාද් (කොළඹ), එච්. ඞී. චන්ද්‍රරත්න (මහනුවර), ආර්. ඒ. ෂාස්නි (කොළඹ) සහ ජේ.එම්.නියාස් (ත‍්‍රිකුණාමලය) පුහුණුවට යන ශ්‍රී ලංකා පාපන්දු කී‍්‍රඩකයෝ (ඡායාරූපය ශාන්ත රත්නායක)