ඉන්දිකා රාමනායක
සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපොළවලට අලාභ හානි කළැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ජූලි පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය නියෝග කළාය.
අද රාත්‍රී කොළඹ ජාතික රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබමින් සිටි සුගතානන්ද හිමියන් පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
වරෙන්තු නැතිව ඒ හිමියන් අත්අඩංගුවට ගැනීමට අද සවස පොලිසිය පැමිණි අතර ඊට සිසුහු විරෝධය දැක්වූහ.

