අන්තරේ සිසුවාට පහර දීලා


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සාමාජිකයකු මෙන්ම කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සුරංජිත් බණ්ඩාර සිසුවා පහරදීමකින් රාගම රෝහලට ඇතුළත් කර ඇති බවත්, තම සංගමයේ සාමාජිකයනට දිගින් දිගටම එවැනි තර්ජනය එල්ල වූ   බවත් අන්තර් විශ්ව විද්‍යාල   ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියයි.

මීට මාස කිහිපයකට පෙර ගම්පහ ඉඹුල්ගොඩ දී සැක සහිත අනතුරකින් තම සාමාජිකයන් දෙදෙනකු මිය ගිය බව ද, ඉන් ජානක බණ්ඩාර ඒකනායක සිසුවා ද කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වරයකු බව ද හෙතෙම සඳහන් කරයි.

කැලණිය සරසවියේ හතර වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු පහරදීමකට ලක්ව රාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුවී ඇතැයි ද හෙතෙම පවසයි.