ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (21) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත උද්ඝෝෂණය සාමකාමීව හා නීත්‍යනුකූල අයුරින් පැවැත්විය යුතු බව කොටුව මහේස්ත‍්‍රාත්වරිය නියෝගයක් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
තවද එම උද්ඝෝෂණය පවත්වාගෙන යාමේ දී මහජනයාට හා වාහනවලට, බාධාවක් , අනතුරක්, කරදරයක් සිදුවන ආකාරයට මහා මාර්ගයේ ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, නීත්‍යනුකූල සේවයේ නියුතු තැනැත්තන්ට බාධා කරදර ඇති වන අයුරින් රජයේ කාර්යාලවලට සාමය කඩවන අයුරින් බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් ද වැළකිය යුතු බවට ද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් කොටුව පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගෙන මහේස්ත‍්‍රාත්වරයා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු චතුරංග වීරසේකරට මෙම නියෝග කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.