අන්තරේ ජපුරෙන් කොළඹට


අන්තර් විශ්ව විද්‍යාලීය  ශිෂ්‍ය බළ මණ්ඩලය සංවිධානය කරන  පා ගමන අද (03) දහවල්  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලින්  ආරම්භ විය.

ගමනාන්තය කොළඹ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විය. නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස දිනා ගැනීම මෙහි අරමුණයි.

හයිලෙවල් මාර්ගය  ඔස්සේ  පැමිණි මෙම පාගමනට සියලු විශ්ව විද්‍යාලයන් නියෝජනය වන  පරිදි  සිසුහු  5000 කට අධික පිරිසක්  එක්ව සිටියහ.

 ආණ්ඩුවේ  විශ්ව විද්‍යාල ශිෂ්‍ය  මර්ධනයේ උපරිම අවස්ථාවට  ලග‍ෙ වෙමින් පවතින බවත්  මේ වන විට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා  ඇතුලු  සිසුහු 190 දෙනකුගේ  පන්ති තහනම් කැර  ඇති බවත්  ශිෂ්‍ය භාවය නැවත ලබා දී  තහනම ඉවත් කරන ලෙසත්  ඔවුහු ඉල්ලති.