අන්තරේ කැඳවුම්කරු ඇතුළු හයකට ඇප


(ෂෙහාන් චාමික සිල්වා)
 
අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ළහිරු වීරසේකර සහ තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද (31) එක් අයකුට රුපියල් 2500 බැගින් වූ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

2015 ඔක්තෝබර් 6 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරියේ විරෝධතාවයක් පවත්වා රුපියල් දෙලක්ෂ අසු හතර දහසක අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා  කිහිපයකට එරෙහිව ඔවුනට නඩු පවරා තිබිණි.

නිසි පරිදි නඩුවට පෙනී නොසිටිම නිසා පසුගිය 19 වැනිදා ඔවුනට වරෙන්තු නිකුත් කර තිබූ අතර නඩුව අගෝස්තු 25 වැනි දා දක්වා කල් තැබිණි.