(දසුන් රාජපක්ෂ)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් බ්‍රහස්පතින්දා සිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිත ශිෂ්‍යයන් පිරිසක් අට්ටාලයක් ඉදි කරගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත ව සිටි අතර ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි.

