ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සදහා අන්තර්ජාලය ඔස්සේ වීසා නිකුත් කිරීම රාජ්‍ය අංශයේ සාර්ථකම සේවාව බවට පත්ව ඇතැයි ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා මහතා කියයි.
මෙම ඉ - සේවාව යටතේ මසකට විසා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කිසිදු අවහිරයකින් තොරව නිකුත් කෙරෙන බව සදහන් කළ ඒ මහතා කියා සිටියේ පසුගිය වසරරෙහි රුපියල්සිය කෝටියක ආදායමක් උපයාගෙන ඇති බවයි.