41 හැවිරිදි කතක් මනාලයකු සොයා අවුරුදු දෙකකට පෙර අන්තර්ජාලයට එක් කළ ලිපියකින් හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු සමග එස් එම් එස් කෙටි පණිවුඩ හුවමරු කර ගත්තාය.
දෙදෙනා හොඳටම මිත්‍ර වී සිටියදී හදිසියෙන් ලැබුණු එස් එම් එස් පණිවිඩයකින් කියැවුණේ අම්මා මිය ගියා, සල්ලි ටිකක් එවන්න යනුවෙනි. එම කාන්තාව රුපියල් 109000ක් ඔහුගේ ගිණුමට බැර කලාය.
ඉන් පසු ඔහුගෙන් පිළිතුරක් නැත. ඔහු තමාට වංචාවක් කළැයි ඇය අන්තිමේදී පොලිසියට පැමිණිලි කළාය.