ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් එක්තරා වචනයක් පිරික්සන ලොව මුල් තැන ගන්නා රට ශ්‍රී ලංකාව බව ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවිය කියයි.
සෙක්ස් හෙවත් ලිංගිකත්වය යන වචනයෙන් ලංකාව මුල් තැනට ද, ඉන්දියාව දෙවැනි තැනට ද, පැපුආ නිව්ගිනියාව තෙවැනි තැනට ද පත්ව සිටී. මේ සමීක්ෂණය කැරුණේ මේ වසර වෙනුවෙනි.
ඉතියෝපියාව, පාකිස්ථානය, බංගලිදේශය, වියට්නාමය, නේපාලය, සෝමාලියාව හා කාම්බෝජය සෙසු රටවල් දහය අතර වේ.
ඉන්දියාවේ බැංගලෝරය, ඉන්දියා ලැයිස්තුවේ මුලටම සිටී. චෙන්නායි, පූන්, නවදිල්ලිය හා කල්කටා ඊළඟට ගැනෙන ඉන්දියාවේ ප්‍රධාන නගර වේ.
පකිස්ථානයේ ලාහෝරයට මුල්තැන හිමිවේ.
ඉන්දියාවේ චන්දිගාර් හා මුම්බායි නගර ද, වියට්නාමයේ හෝ චිං මිං හා හැනෝයි නගර ද, එම වචනයේ ප්‍රධාන කොටස් කරුවෝය.

