අන්තර් සමාජ රග්බි තරග විදුලි ආලෝකය මධ්‍යයේ


ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන මෙවර ‘ඩයලොග්’ ලීග් රග්බි තරගාවලියේ තරග කීපයක් පළමු වරට දිවා/රාත‍්‍රි තරග ලෙස විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබේ. ක‍්‍රීඩාංගණ තුනක් මේ වන විට දිවා/රාත‍්‍රි තරග පැවැත්වීමට සූදානම් කරන බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ දිවා/රාත‍්‍රි තරග පැවැත්වීමට ක‍්‍රීඩා සමාජ දෙකක් මේ වන විටත් එකඟතාව පළකර ඇති බවයි. වැලිසර නාවික හමුදා රග්බි පිටිය මේ වන විටත් රාත‍්‍රි තරග පැවැත්වීය හැකි ලෙස සංවර්ධනය කර තිබේ. හැව්ලෝක්ස් රග්බි පිටිය ද මේ දිනවල රාත‍්‍රි තරග පැවැත්විය හැකි ආකාරයට සංවර්ධනය කරමින් පවති. කොළඹ පැරණි තුරඟ තරග පිටිය රාත‍්‍රි තරග පැවැත්විය හැකි ආකාරයට සංවර්ධනය කරන බව ද වාර්තා වේ.