අන්තර් ජාල ගසා කෑමක් අල්ලයි


ලෝ පුරා රටවල් 125ක පමණ සාමාජිකයන් සිටින බව කියන අන්තර් ජාල දැන්වීම් වෙබ් අඩවියක සාමාජිකයන් බඳවා ගනිමින් ඔවුන්ගේ මුදල් රුපියල් දස ලක්ෂ ගණනින් වංචා කළැයි කියන ශ්‍රී ලංකා නියෝජිතයෝ සිවු දෙනෙක් පිළියන්දල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් කොට්ටාව හා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. දැන්වීම් පළ කැරෙන එම වෙබ් අඩවියේ දැන්වීම් බැලීමෙන් ආකර්ශනීය කොමිස් ගෙවන බව කියමින් සාමාජිකයන් බඳවා ගන්නා බවත් එක් අයකුගෙන් අවමය ඇමරිකා ඩොලර් 500ක් හෙවත් රුපියල් 66,000 අය කරන බවත් එහෙත් තමන් රුපියල් 175000 බැගින් ගෙවූ බවත් කාන්තාවෝ 15 දෙනෙක් පොලිසියට පැමිණිලි කළහ. පොරොන්දු වූ පරිදි කිසිම ප්‍රතිලාභයක් පමණක් නොව සාමාජික මුදලද නොගෙවූ නිසා පොලිසිය පැමිණිලි කළ බව ව්‍යාපාරික කාන්තාවක පොලිසිය පැමිණිලි කළාය. ‘මෙය හරියට පිරමිඩ සූත්තරයක් මගේ කොමිස් ලැබෙන්නේ මා තවත් සාමාජිකයකු බඳවා ගත්තොත් පමණයි. නමුත් මා තව කෙනකු අමාරුවේ දාන්නේ නෑ‘ යනුවෙන් ඇය කීවාය. ඇතැම් කාන්තාවන් සිය රන් අභරණ උගස් කර සාමාජික මුදල් ගෙවා ඇත.