අනවසර වෙඩි බේත් තොගයක් අල්ලයි
බලපත‍්‍රයේ සඳහන් ප‍්‍රමාණයට වඩා දෙගුණයක් පුපුරණ ද්‍රව්‍ය හැටන් රුවන්පුර ගබඩාවකින් රැගෙන ගිය දෙදෙනෙක් මස්කෙළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඇමෝනියම් කිලෝ 50ක්, පිපුරුම් කුඩු (කළු බේත්) කිලෝ 2, පිපුරුම් කාරක 50ක් මෝටර් ජෙල් කිලෝ පහක් ඇතුළු ද්‍රව්‍ය එහි විය. මේ ද්‍රව්‍ය නිකුත් කරනුයේ කළු ගල් වැඩපොළවලටය.

