අනවසර අවියක් පානදුරෙන් අල්ලයි


විදේශයක නිෂ්පාදිත මිලිමීටර් 09 බ්‍රවුනින් පිස්තෝලයක් සහ සැකකරුවකු පානදුර දිබ්බැද්දේදී බස්නාහිර පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සැකකරු පානදුර කලුදෑවල පදිංචිකරුවකු බවද රෝහණ මහතා සඳහන් කරයි.