( මොහොමඩ් ආසික්)
ජාතික පාසලක වසර තුනකට වඩා සේවය කර ඇති ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ දරුවන් එම විදුහලට ඇතුළත් කර ගැනීම සදහා ලබා දී තිබූ අවස්ථාව මෙවර අනධ්‍යයන සේවකයින්ට අහිමි කර තිබීම විශාල අසාධාරණයක් බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතාගේ අත්සනින් යුක්තව එය යවා තිබේ.
ජාතික පාසැල්වල වසර තුනකට වඩා සේවයේ නියුක්ත ගුරුවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට වරප්‍රසාදයක් ලෙස ඔවුන්ගේ දරුවන් එම විදුහලට ඇතුළත් කර ගැනිමේ අවස්ථාව ලබා දී තිබූ නමුත් මෙවර එම අවස්ථාව ගුරුවරුන්ට පමණක් ලබා දීම මගින් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව එම ලිපියේ සදහන් වෙයි.
අනධ්‍යයන සේවකයින්ගෙන්ද දරුවන්ට සිදුවන සේවය ගැන සලකා මෙ වරප්‍රසාදය ලබා දී තිබූ අතර එය අහිමි කිරීම මගින් ඔවුන් රැකියාව සම්බන්ධයෙන් කලකිරිමකට පත්ව ඇති බවද එම ලිපියේ තව දුරටත් සදහන් කර තිබේ.
එකම වැටුප් ලේඛනයෙන් වැටුප් ලබන ස්ථීර සේවකයින් වන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සිදුව ඇති මෙම අසාධාරණය ඉවත් කිරීම සදහා කඩිනමින් මැදිහත්වී එම වරප්‍රසාදය නැවත ලබා දෙන මෙන් එම ලිපියෙන් ඉල්ලා සිටියි

