අනතුරට පත් යාත්‍රාවේ ලාංකිකයන් නොසිටි බව රජය කියයි


ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත අසලදී පෙරලී ගිය යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයන් සිටි බවට කිසිදු සාක්කියක් නැතැයි රජය කියයි. ශ්‍රී ලංකාවේ සිට මෙම යාත්‍රාව මිනිසුන් 200ක් පමණ සමග ඕස්ට්‍රේලියාවට හොරෙන් යමින් සිටියදී මේ අනතුර සිදුවූ බව පෙර දින මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ යාත්‍රාවේ සිටි වැඩි දෙනා ඇෆ්ගන් ජාතිකයන් බව දැන් සොයාගන තිබේ.