ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවීමේ අනතුරක් නැවත මතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ දී අද(24)පැවැසීය.
ආණ්ඩුව එය සිය පාලනයට ආශිර්වාදයක් සේ සලකන බවට චෝදනා කළ හෙතෙම විවිධාකාරයේ ප‍්‍රකෝපකිරීම් මඟින් නොමග නොයා දූරදරශීව කටයුතු කරන්නැයි සියලු ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද අවධාරණය කර කීය.
කවුරුන් කෙසේ උත්සාහ කළ ද ජාතික අසමගියක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ලෙසකින් ඉඩදෙන්නේ නැතැයි ද ජවිපෙ නායකයා කීය.
අමරසිංහ මහතා මෙම අදහස පළ කළේ ‘‘ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙමු’’ මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ කොටුවේ අත්පත‍්‍රිකා බෙදමිණි.

