අධිවේගෙ වැඩ අඩුවේගෙන්


දක්ෂිණ අධිවේගී මාර්ගයට උඩින් ටයරයක් වැටුණු දුටු විගස අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකය වන1969 ඇමැතූ නමුත් කිසිම ප්‍රතිචාරයක් නොලද බවත් තවත් හදිසි ඇමැතුම් අංක දෙකකින්ද උත්තර නොලැබුණු  බවත් මල්වාන වල්ගම සිරිසුදර්ශනාරාමාධිපති මකුළුදූවේ නන්දරතන හිමියෝ කියති. අවසානයේ කඩුවෙල පිවිසුම් දෙරටුවේ අයකැමිට ඒ බව දැන් වූ බව ද ඒ හමියෝ කියති. රෝදය වැටුණු ආකාරය මෙන්ම අධිවේගී මාර්ගයේ හදිසි ඇමැතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම ගැන ද පරීක්ෂණයක් පවත්වන්නැයි ඒ හිමියෝ ඉල්ලති.