(සුජිත් හේවාජුලිගේ )
රට වසා දැමීමෙන් පසු අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි තිහකට ආසන්න ආදායමක් මේදක්වා අහිමිවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
රට වසා ඇති කාලයේදී අධිවේගී මාර්ගවල දෛනික ආදායම රුපියල් කෝටියකින් පමණ පහත වැටී ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පැවැසීය .
රට විවෘතව පවතින කාලයේදී අධිවේගී මාර්ගවලින් දෛනිකව ලැබුණු ආදායම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න බව එම අධිකාරිය සඳහන් කරයි.
අධිවේගී මාර්ගවලින් පසුගිය 7 වැනිදා
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක ආදායමක්ද පසුගිය 8 වැනිදා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ආදායමක්ද
ඉකුත් 9 වැනිදා එක්කෝටි හැට ලක්ෂයක ආදායමක්ද ඉකුත් 10 වැනිදා එක්කෝටි හැත්තෑ ලක්ෂයක ආදායමක්ද ලබා ඇත.
අධිවේගී මාර්ගවල පසුගිය 7 වැනිදා ගමන් කර ඇති වාහන සංඛ්‍යාව පනස් පන් දහස් හත් සිය තිස් එකකි.
අධිවේගී මාර්ගවල පසුගිය 8 වැනිදා වාහන පනස් අට දහස් පනස් පහක්ද
පසුගිය නව වැනිදා වාහන පනස් අට දහස් තුන් සිය හතරක් ද පසුගිය 10 වැනි දා වාහන හැට දෙදහස් පන් සිය අසූ හතක්ද
ධාවනය කර ඇත.
රට වසා දමා ඇති කාලයේදී ධාවනය වී ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා යන වාහන සහ ගිලන් රථ බව නිහාල් ලොඩ්වික් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

