අධිවේගී මගේ අනතුරින් හතකට තුවාල


දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසල නවතා තිබූ බසයක තවත් බසයක් හැපීමෙන් හත් දෙනෙක් තුවාල ලදහ. ඒ අතර කාන්තාවෝ සිව් දෙනෙක් වෙති.  එක් බසයකට අධිවේගී මගේ මගීන් ප්‍රවාහනයට බලපත්‍ර නැති බව පෙනේ යැයි පොලිසිය කියයි. මගීන්ගෙන් රුපියල් 500 බැගින් ලබගෙන පින්නදූව දක්වා මගීන් රැගෙන එන වාහන තවත් ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.