අධිවේගියේ පාට් දැමූ ඇමැති පුතා අල්ලන්න මහජන සහාය පතයි


(ඉන්දිකා රාමනායක)

අනාරක්ෂිත ලෙස  ශීතකරණයක් කැබ් රථයක්   පසුපස පටවා    අධිවේගී මාර්ගයේ බැදිගම   හුවමාරුවේ දී කොළඹ දෙසට යාමට  පැමිණ   පොලිස් සැරයන්වරයකුගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැන වැදී  පහර දීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පොලිසිය මගහැර සිටින තංගල්ල හිටපු නගරාධිපති  රවිදු  වෙදආරචිචි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි   හරින්දික සිල්වා  අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

  මොවුන් සම්බන්ධයෙන්   පොලිස් සැරයන්වරයා වීරකැටිය  පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති  බව පොලිස් මුලස්ථානය පවසයි.

 එම පැමිණිල්ල අනුව  මොවුන් අත්අඩංගුවට ගැනීමට  පොලිස් කණ්ඩායමක්  ඔවුන්ගේ නිවසට ගියද  ඔවුන් පොලිසිය මගහරිමින්  සැඟව සිටින බව පොලිසිය කියයි.

පොලිසිය මගහරිමින් සැගව සිටින  මොවුන් දෙදෙනාට සැඟව සිටීම සදහා නවාතැන් දීම අපරාධමය වරදක් බවද පොලිස් මුලස්ථානය පවසයි.

මොවුන් සම්බන්ධයෙන්  සහ මොවුන් ගමන්ගත්  (SGPG - 4507) දරණ කැබ් රථය    සම්බන්ධයෙන්  යම් තොරතුක් තිබේනම්       වීරකෑටිය  පොලිස් ස්ථානාධිපති - 0718-594193 සහ   වීරකැටිය පොලිසියේ 047-2246226  අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය පවසයි.