
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂි අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
ඒ ගොස් ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 අතර පසුවන්නන් දෙදෙනෙකි , ඔවුන් ත්‍රීකුණාමලේ පදිංචිකරුවන්ය.
මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථය කාර්මික දෝෂයක් හේතුවෙන් දොඩම්ගොඩ ප්‍රදේශයේ නවතා තිබියදී එම දිශාවේ සිට කොළඹ දිසාවට ධාවනය වූ මෝටර් රථය ලොරි රථයේ රථය පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථයට බරපතළ හානි සිදු වී ඇත.


