(එස් .ඩි.කොඩිකාර සහ එන්. කේ .ඉන්ද්‍රවංශ )
මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ සැකකරුවෙක් අද(05) පොලිස් නිලධාරීන් ගේ අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිසිය කියයි .
ජනාධිපති කාර්ය සාධන බලකායේ නිලධාරියෙකු බව පවසා ඖෂධ වෙළඳසැල් වලට ගොස් එහි සේවකයන් බිය වද්දවා වංචා සහගත ලෙස විද්‍යුත් ක්‍රමයට මුදල් වංචා කළ හිටපු හමුදා සෙබළකු ඔහු පැමිණි මෝටර් රථය සමඟ අත්අඩංගුට ගෙන තිබිණි.
“කොදෙව්වා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහු (34) හැවිරිදි ගොඩකුඹුර කන්ද, අලපලාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
සැකකරු ඊයේ (04) රාත්‍රි මොරවක පොලීසිය මගින් තලපෙකුඹුර ප්‍රදේශයේ දී වන ලැහැබක සැඟව සිටියදී ගම්වාසීන් ගේ සහාය ඇතිව ඔහු පැමිණි මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන අකුරැස්ස පොලිස් ස්ථානයට වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දී ඇත .
මොහු කුලී කාර්, වෑන් රථ රැගෙන ඒවායින් අකුරැස්ස, පිටබැද්දර ආදී ප්‍රදේශ වල ඖෂධ වෙළඳසැල් වලට ගොස් විවිධ රෝගාබාධ ඖෂධ වෙළඳසැල් වල සේවය කරන සේවකයන්ට පවසා වෛද්‍ය නිර්දේශයකින් තොරව ඔවුන්ගෙන් ඖෂධ ලබාගෙන ඔවුන් එම ඖෂධ ලබා දුන් පසු වෛද්‍ය නිර්දේශයකින් තොරව කෙසේද ඖෂධ ලබා දෙන්නේ යැයි පවසා ඔවුන් බිය වද්දවා තමන් ජනාධිපති කාර්ය සාධන බලකායේ නිලධාරියෙකු බව පවසා සිද්ධිය සමථයකට පත්කර ගැනීමට නම් රුපියල් 40000.00 ක මුදලක් තමන්ගේ දුරකථන මුදල් ලබාගත් අයෙකි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

