අධිකරණයට ඇඟිලි නොගසනු


අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේ දී එල්ල කළ මැර ප්‍රහාරය හෙළා දැකීමටත් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි නොගසන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සංවිධානයක් රෝමයේ පියස්සා දේල් රිපබ්ලිකාහිදි උද්ඝෝෂණයක් පැවැත්විණි.  අධිකරණයට යළිත් ඇඟිලි ගසතොත් මෙවැනි විරෝධතා දිගටම කරන බව සංවිධයකයෝ කීහ.