
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට අද බාර දෙනු ලැබීය.
ඒ පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදීය.
මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී අමාත්‍යවරයා සිය වගකීම් පැහැර හැර ඇති බව මෙම විශ්වාසභංග යෝජනාවෙන් චෝදනා එල්ල කර ඇත.

