( තිළිණි ද සිල්වා)
අසීරු අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවන්වලට හසු නොවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා දක්වන්නැයි ගුරුවරුන්ගේ වැටුප් ගැටලු සොයා බැලූ කැබිනට් අනු කමිටුව සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (31) ගුරුවරුන්‌ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය
රටේ අනාගතය භාරගන්නා දූ දරුවන් නිසි මගට යොමු කරන ගුරුවරුන් නිසි ඇගැයීමක් කළ යුතුව ඇතැයි යන ස්ථාවරයේ සිට ගුරුවරුන්ගේ වැටුප් ගැටලු සොයා බැලූ කැබිනට් අනු කමිටුව කටයුතු කළ බවද එම අනු කමිටු සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීවේය.
වසංගත තත්වය හේතුවෙන් පාසල් වසා දමා තිබියදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ ගුරුවරු දැක්වූ දායකත්වය අගය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (31) මිනුවන්ගොඩ ගුරු සංගම් සමග පැවති සාකච්ඡාවකදීය.
ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට සහ ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙනතෙක් රුපියල් 5000බැගින් දීමනාවක් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.
අමාත්‍ය මණ්ඩලයේ මෙම තීරණය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ගුරු සංගම් සිය ප්‍රසාදය සංචාරක අමාත්‍යවරයා වෙත පළ කළ අතර රටේ පවතින වත්මන් තත්වය හමුවේ අමාත්‍ය මණ්ඩලය කාලෝචිත තීරණයකට එළඹ ඇතැයි ද ඔවූහූ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන අනු කමිටුව ගුරු සංගම් සමඟ සාකච්ඡා පැවැත්වූ බවය.
මෙම වැටුප් විෂමතාවයට නිසි විසඳුම් ලබාදීය යුතු බව විපක්ෂයේ සිටින අවදියේ සිට අවධාරණය කළ බවද සිහිපත් කළ අමාත්‍යවරයා සෞභාග්‍යයෙ දැක්ම වැඩපිළිවෙළ තුළින් ජනතාවට පොරොන්දු වූ බොහෝ දේවල් මෙතෙක් ඉටු කිරීමට නොහැකි වූයේ නව රජය පත්වූ දා සිට බලාපොරොත්තු නොවූ අන්දමේ ලෝක වසංගතයකට මුහුණදීමට සිදුවීම යැයිද පෙන්වා දුන්නේය.
මෙම තත්වයට මුහුණදී සිටින බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවත් දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි තත්ත්වයක් තුළත් ගුරුවරුන්ගේ සේවය ඇගයීමක් ලෙස රජය මෙම තීරණ වලට එළඹි බවය.
අසීරු අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවන්වලට හසු නොවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා දක්වන්නැයි ද අමාත්‍යවරයා ගුරුවරුන්‌ෙ ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය

